නීති අධිකාරිය
1987 අංක 15 ප්‍රාදේශීය සභා පනත සහ ඒ යටතේ සාදන ලද 1952 අංක 6 පළාත් පාලන අධිකාරී පනත යටතේ නීති රීති අනුව ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යාම.
ඉදිරිපත් කළ යුතු ලේඛන.
නිවැරදිව පුරවන ලද අයදුම්පත.
බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රියාවලිය
- වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් ලබා ගැනීම සහ එය නිවැරදිව පුරවා එය සභාවට භාර දීම.
- ඉන් පසු ආදායම් පරිපාලක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන අතර අදාළ නිර්ණායක යටතේ එම ස්ථානය ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කරයි.
- ඔබ අදාළ නිර්ණායක සම්පූර්ණ කර ඇත්නම්, ප්‍රාදේශීය සභාවෙන් වෙළඳ බලපත්‍රය ලබා ගත යුතුය.
- අදාළ වර්ෂයේ මාර්තු මස 31 වන දින වන විටත් වෙළඳ බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වූ ව්‍යාපාරික ස්ථාන සඳහා සභාව විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබේ.
- අදාළ වසරේ මාර්තු 31 දිනට පෙර, සතියේ දිනවල පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා අදාළ බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් පසු බලපත්‍රය ලබා ගත හැක.