අනතුරුදායක ගස් සම්බන්ධ කටයුතු කිරීම.
ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුල වූ යම් ගසකින් හෝ ගසක යම් අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ වෙනත් කිසිවකින් යම් ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හෝ අලාභ හානි සිදුවීමට ඉඩ ඇති අවස්ථාවක නැතහොත් යම් ගොඩනැගිල්ලක පදිංචිකරුවකුට ප්‍රසිද්ධ මහා මාර්ගයක ගමන් කරන්නන්ගේ අනතුරුදායක ගසක් සම්බන්ධව ප්‍රාදේශීය සභාවට අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.
- අයඳුම්පත්‍ර ගාස්තු රු. 850/=
- කොස් ගස් හා දෙල් ගස් සම්බන්ධව ප්‍රාදේශී ලේකම්ගේ කැපුම් බලපත්‍රයට යටත්ව ගස කැපීමට අවසර දෙනු ලැබේ.
- අයිතිකරුගේ නඩුවක් විභාග වේ නම් ඒ සම්බන්ධව අයදුම්පතේ සඳහන් කළ යුතු අතර අධිකරණයේ නියෝගය පරිදි එම ගස සම්බන්ධව කටයුතු කරමි.
- සියළු අයදුම්පත්‍ර පරික්ෂා කිරීමේන් අනතුරුව ගස් අයිතිකරුගේ වියදමින් ගස ඉවත් කිරීම සිදුකළ යුතු අතර අයදුම්කරු ඒ සඳහා වියදම් දැරීමට එකඟ වන්නේ නම් ඔහුගේ / ඇයගේ වියදමින් ඉවත් කළ යුතුය.
- ගස සම්බන්දව සභාවේ නියෝග කඩකරමින් ගස් අයිතිකරු කටයුතු කරයි නම් සභාව පිළිගත් මිල ගණන් කැඳවා අවම ලංසු මුදල යටතේ ගස කපා ඉවත්කර එම මුදල ගස් අයිතිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.