1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත යටතේ ප්‍රාදේශිය සභා ස්ථාපිත කරන ලද අතර එය පළාත්පාලන ආයතනයක් / ප්‍රාදේශීය ආණ්ඩුවක් ලෙස යම් කිසි නිශ්චිත හෝ ග්‍රාමීය ප්රාදේශියක පරිපාලන හා සංවර්ධන අරමුණු පදනම් කොටගෙන ක්‍රියාත්මක වේ . මෙහි විශේෂත්වය වන්නේ එවා නිතීමය පද්ධතියක් තුළ ක්‍රියාත්මක විමයි.මධ්‍යම රජයට හා පළාත් සභා වලට ප්‍රාදේශීය සභා ආයතනවල අධීක්ෂණ බලතල පවරා ඇතත් එම අධික්ෂණ කටයුතු කළ හැකි වන්නේ නිතීයෙන් පැවරි ඇති සිමාවන්ට පමණි . මෙහිදී ප්‍රාදේශීය සභාක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හා පළාත් පාලන ආයතනවලට අණ පනත් වලින් පැවරි ඇති බලතල යටතේ නිතිමය ව්‍යුහවලට අනුකූලවය.
ප්‍රාදේශීය සභා දැක්ම 1987 අංක 15 දරන පනත තුළ අන්තර්ගත වන්නේ පහත අයුරිනි.
“ පරිපාලන සහ සංවර්ධන කටයුතුවලට අදාළව තිරණ ගැනිමේ ක්රියාවලියෙහි ජනතාව පළාත් මට්ටමින් ඵලදායි ලෙස සහභාගී විම සඳහා වැඩි අවස්ථාව සලසා දීමේ අරමුණු ඇතිව ප්‍රාදේශිය සභා පිහිටු වීම සඳහා ඳ එම සභාවල බලතල කාර්යයන් සහ කතර්ව්යයන් නිශ්චය කිරිම සඳහාඳ පනතකි.
ප්‍රාදේශීය සභා වෙත පැවරි ඇති සියලු කාර්යන් හා වගකිම් හා බලතල අයත් වන්නේ සංවර්ධන විෂය ක්ෂේත්රයට. මෙම සංවර්ධන කායර්ය ප්‍රාදේශීය මට්ටමින් පොදු පරිපාලන , මහජන උපයෝගිතා සේවා , මහජන සෞඛ්‍ය සේවා භෞතික සැලසුම් , මංමාවත් , ඉඩම් ගොඩනැගිලි , ජල සේවා සුඵ සාධක සේවා පහසුකම් යන ක්ෂේත්‍ර ගණනාවකට විහිදි ඇත.
මෙම පරිපාලන සහ සංවර්ධන කටයුතු සිදු කිරීම මධ්‍යම රජයේ ප්‍රතිපාදන , පළාත් සභා අරමුදල් , වරිපනම්, බදු මුදල් හා දේශීය ණය සංවර්ධන අරමුදලින් ණය හා මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන ආධාර යටතේ සිදු වේ.
මෙහිදි ඒ ඒ ප්‍රාදේශිය සභා විසින් යෝග්‍ය වන්නේ යැයි අදහස් කරනු ලබන පරිදි තම බලතල විෂය ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබේ.එසේ වුවත් මෙම ප්‍රාදේශීය සභා ස්වාභිමානය දෙයාකාරයකින් සිමා වි ඇත.
යම් , සේවාවක් තමන් කැමති ආකාරයට ප්‍රවර්ධන කිරිමට අවශ්‍ය සාමාන්‍ය බලතල ප්‍රදේශිය සභා සතු නොවේ.ප්‍රාදේශීය සභාවට හිමිව තිබෙන්නේ නියමිත වුත් සිමිත වුත් ව්‍යස්ථාපිත බලතල පමණි.තවද ඒවා මධ්‍යම හෝ දෙවැනි පෙළ ආණ්ඩු විසින් පාලනය කරනු ලැබේ.ඒසේ වුවත් රැකියා ප්‍රවර්ධන , ආදායම් ඉපැයිම් හා ප්‍රාග්ධන ආයෝජන යන කරැණු සලකා බලන විට ප්‍රාදේශීය සභාවලට වැඩි බලතල ප්‍රමාණයක් පවරා දී තිබෙන බව පෙනෙයි.
ප්‍රාදේශිය සභා ස්ථාපිත කිරිමට ප්‍රථම ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කොට ගෙන විවිධ යාන්ත්‍රණ පැවැතිනි, මෙහිදි රාජ්‍ය පාලන සමය තුල ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ගම්සභා ක්‍රමය ක්‍රියාත්මක වු බවට මහාවංශය , සෙල්ලිපි , ලෙන් ලිපි , ටැම් ලිපි , රොබට් නොක්ස් වාර්තා සාක්ෂි සපයයි. පසුව යටත් විජිත අවධිය තුළ ඩොනමෝර් හා සොල්බරි යෝජනා තුළ ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කොටගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක විය.අනතුරුව නිදහසින් පසු ( 1948 න් පසු ) මෙරට ග්‍රාමිය හා නාගරික අංශ අතර පවතින දැඩි ආර්ථික සමතුලිතතාවය තුරන් කිරිම සහ ග්‍රාමීය ප්‍රාදේශීය ඌණ සංවර්ධනයේ අසමානතාව අවම කිරිම සඳහා විවධ සංවර්ධන ප්‍රතිපත්ති පදනම් කොට ගත් උත්සහයන් දරනු ලැබීය . නමුත් රජය විසින් සංවර්ධනය සඳහා මෙසේ සැලසුම් සකස් කළද සැලසුම් සම්පාදන ක්‍රියාවලිය හා ආර්ථික තීර්ණ ගැනිම අතර සම්බන්ධතාවයන් නොමැතිකම තුල මෙම සංවර්ධන සැලසුම් අසාර්ථක විය.
අනතුරුව පසුගාමි සංවර්ධනය හා සංවර්ධන ප්‍රතිපල අසමාන ලෙස බෙදි යොම සිදු වන්නේ මධ්‍යගත පාලන සංවර්ධන තුලින් හා මෙම මධ්‍යගත ආර්ථික සැලසුම්කරණය හා රාජ්‍ය මැදිහත් වීම ජාතික සංවර්ධන දෘෂ්ටියකින් සිදුවන අතර එය ක්‍රියාත්මක වීමේ දී නාගරිකත්වයට පක්ෂපාතිබවක් දක්වන බව පැහැදිලි වු බැවින් ග්‍රාමිය මට්ටමේ සහභාගිත්වය ලබ ගැනීමේ හා සාර්ව ආර්ථික අසමතුලිතතාවයන් නඅති කිරීම සඳහා විමධ්‍යගතකරණය ලද සංවර්ධන වැඩසටහන් 1970 දශකයේ දි රජය විසින් හදුන්වා දෙන ලදි.ඒවැනි වැඩසටහන් අතර ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල , දිසා දේශපාලන අධිකාරි ක්‍රමය සහ විමධ්‍යගත අය වැය වැඩසටහන , ඒකබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන , දිස්ත්‍රික් අමාත්‍ය ක්‍රමය දිස්ත්‍රික් සංවර්ධනය සභා වැඩසටහන් යනාදිය ප්රමුඛතාවයන් ගනු ලැබේ.නමුත් මෙහිදි 1987 දී අංක 15 දරන ප්‍රාදේශීය පරිපාලන හා සංවර්ධන සම්බන්ධයෙන් ගත් වඩා ප්‍රමුඛතම වැඩසටහන ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදි ආණ්ඩුවේ බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් මධ්‍යයේ සිට පරිධිය දක්වා විනැත් වීමක් සිදුවිය.