අනුකූලතා සහතික නිකුත් කිරීම.

අනුකූලතා සහතික නිකුත් කිරීම.

මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැලැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සදහාය. ගොඩනැගිල්ල ඉදි කල පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබා ගත යුතුය.

මේ සදහා,

  • අනුකූලතා සහතික ගාස්තු ගෙවා ලබා ගත් අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
  • නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි අනුව මුදල් අය කෙරේ.

අනුකූලතා සහතික ගාස්තු

( නිවාස හා නගර සංවර්ධන ආඥා පනතේ බල ප්‍රදේශය තුල)

නේවාසික                 – රු. 850.00

වාණිජ්‍ය                    – රු. 1,100.00

  • වසරක් තුල ඉදිකිරීම් අවසන් කල නොහැකි නම් කාලය දීර්ඝ කරගත යුතුය.
  • අනුමත සැලැස්මේ වලංගු කාලය වසර 3 ඉකුත් වී ඇත්නම් අදාල අනුමත සැලැස්මේ පිටපතක් සමග නව අයදුම් පතක් මගින් නැවත සැලැස්ම ඉදිරිපත් කල යුතුය.
  • තාක්ෂණ නිලධාරී හෝ මහඡන සෞඛය පරීක්ෂක නිර්දේශ කිරීමෙන් පසු සැලසුම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබේ.
  • නාගරික සංවර්ධන අධිකාරියට අයත්නම් සැලසුම් කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුකූලතා සහතිකය නිකුත් කරනු ලැබේ.