කසළ කළමණාකරනය

කසළ කළමණාකරනය

කසළ බැහැර කිරීම.

කරන්දෙණිය ප්‍රාදේශීය බලප්‍රදේශයේ නාගරික වෙළඳසැල් හා නිවාසවල එක් රුස්වන කසළ ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයට භාර දිය හැකිය.

ඒ අනුව ඔබ ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයට කසළ භාර දීම පහත පරිදි වර්ග කර භාරදිය යුතුය.

  1. දිරණ කසළ
    මුළුතැන්ගෙයි කසළ, කඩදාසි කොළ, රොඩු හා පහසුවෙන් දිරණ ද්‍රව්‍ය
  2. නොදිරණ ද්‍රව්‍ය
    වීදුරු, ප්ලාසිටික්, පොලිතින්, යකඩ, කාඩ්බෝර්ඩ් වැනි නොදිරණ ද්‍රව්‍ය වෙන් වෙන්ව මළු වල දමා ලබා දීමට කටයුතු කළ යුතුය.

කසළ වෙන් කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු අතර, වෙන් නොකර මිශ්‍ර කසළ ලෙස භාරදෙන කසළ ප්‍රාදේශීය සභාව මගින් භාර නොගන්නා බව දන්වා සිටිමි.

මහමග පොදු ජනතාවට පීඩාවට පත්වන ලෙස කසළ බැහැර කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.