ප්‍රාදේශීය සභාවක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉදිකිරීමේ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි. ඒ අනුව කරන්දෙණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඉදි කිරීම් ක්‍රියාකාරකම් වල යෙදෙන සියලුම පුද්ගලයින් මෙම ප්‍රාදේශීය සභාවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.
කරන්දෙණීය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බැවින් එම නීති රීති වලට අනුකූලව ඉදිකිරීම් කටයුතු සිදු කල යුතුය.
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ පියවර
- ගොඩනැගිලි අයදුම්පත්‍ර ගාස්තුව වන
- නාගරික සංවර්ධන අධිකාරී පනතේ බල ප්‍රදේශය තුල රු. 700.00
- නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ බල ප්‍රදේශය තුල රු. 700.00ක මුදලක් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් අයදුම්පතක් ලබා ගත යුතුය.
- එම සම්පූර්ණ කල අයදුම්පත සමග අනුමත කිරීමට ඇති ගොඩනැගිල්ලේ සුදුසුකම්ලත් තැනත්තෙකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03ක් ගොඩනැගිල ඉදිකරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලස්ම හා එහි ඡායා පිටපතක්, ඔප්පුවේ පිටපතක් ගොඩනැගිලි අංශය වෙත ලබා දී ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව (මේ පිළිබද විස්තර අයදුම්පතෙහි සදහන් කර ඇත.) මුදල් ගෙවා ලදුපතක් ලබා ගත යුතුය.
- ඉන්පසු සභාවේ තාක්ෂණ නිලධාරි / මහඡන සෞඛ්‍ය පරීක්ෂක විසින් අදාල ස්ථානය පරීක්ෂා කරනු ලබන අතර ඔවුන්ගේ නිර්දේශය සමග එම ලිපි ගොනු (නාගරික සංවර්ධන අධිකාරියට අයත් නම් සැලසුම් කමිටුවට) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙනු ලැබේ.
- අනුමත මුද්‍රව තැබීමෙන් පසුව අදාල අනුමත සැලැස්ම ලබාගත හැකි වේ.
(වැඩිදුර විස්තර එම අයදුම්පතෙහි සදහන් කොට ඇත.)
ගොඩනැගිලි අයදුම්පත්‍ර සඳහා වන පරීක්ෂණ ගාස්තු
( නිවාස හා නගර සංවර්ධන ආඥා පනතේ බල ප්‍රදේශය තුල)
ගොඩනැගිලි බිම් ප්‍රමාණය | ගාස්තුව | |
වර්ග අඩි | නේවාසික ගොඩනැගිල්ල සඳහා රු. | වාණිජ්‍ය හෝ වෙනත් භාවිත සඳහා රු. |
0 – 500 දක්වා | 500.00 | 750.00 |
501 – 1000 දක්වා | 1000.00 | 1500.00 |
1000 – 2000 දක්වා | 1500.00 | 2500.00 |
2000 – 3000 දක්වා | 2000.00 | 3500.00 |
3000 – 5000 දක්වා | 3000.00 | 5000.00 |
5000 – 7500 දක්වා | 4500.00 | 6500.00 |
7500 – 10000 දක්වා | 6000.00 | 8000.00 |
10000 – 13000 දක්වා | 7500.00 | 10000.00 |
13000 ට වැඩි | වර්ග අඩි 13000 ඉක්මවන සෑම වර්ග අඩි 1000ක් සඳහාම රු. 250.00 බැගින් අය කෙරේ. | වර්ග අඩි 13000 ඉක්මවන සෑම වර්ග අඩි 1000ක් සඳහාම රු. 500.00 බැගින් අය කෙරේ. |
- මායිම් තාප්ප ඉදිකිරීම සඳහා දික් මීටරයකට- රු. 100/- බැගින්
ගොඩනැගිලි බලපත්‍රයක කාලය දීර්ඝ කිරීමේ ගාස්තු ( එක් වසරක් සඳහා) – රු. 500/-