පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ බලපත්‍ර ගාස්තු අය කිරීම

 පනතේ 26 වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පැවරී ඇති බලතල අනුව කරන්දෙණිය ප්‍රාදේශීය සභා බල සීමාව ඇතුලත ආරම්භකොට පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර හා කර්මාන්ත සම්බන්ධයෙන් ඉහත කී පනතේ අදාල සංශෝධන යටතේ පවරා ඇති රෙගුලාසිවලට අනුකූලව එකී ව්‍යාපාර කර්මාන්තය පවත්වාගෙන යනු ලබන්නන් විසින් බලපත්‍රයක් ලබා ගත යුතුය.  එකී බලපත්‍රය වෙනුවෙන් අනුප්‍රමාණ මත, පරීක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුය.

මූලික ආයෝජනයපරීක්ෂණ ගාස්තු
රු. 250000 දක්වාරු. 3000.00
රු. 250001 – 500000 දක්වාරු. 3750.00
රු. 500001 – 1000000 දක්වාරු. 5000.00
රු. 1000000 ට ඉහලරු. 10000.00
වර්ෂ තුනකින් බලපත්‍ර අළුත් කිරීමේ ගාස්තුවරු. 4500.00

 

උප ලේඛණය

  1. සේවක සංඛ්‍යාව 10 ක් වූ ඊට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත.
  2. සේවක සංඛ්‍යාව 05ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත.
  3. සේවක සංඛ්‍යාව 05ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන. (ලොන්ඩ්‍රි)
  4. රෙදි වියන යන්ත්‍ර/ මැෂින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්‍රොයිඩර් කිරීමේ කර්මාන්ත.
  5. දිනකට ලීටර් 200කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල්තෙල් නිස්සාරණය කිරී‌මේ කර්මාන්ත.
  6. පොල් තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
  7. දිනකට ලීටර් 100කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල් ගත කිරීමේ කර්මාන්ත.
  8. දිනකට කිලෝග්රෑම් 500 හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මෝල්.
  9. මසකට කිලෝග්රම් 1000කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්.
  10. සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25ට අඩු පිරිසක් සේවාය් නියුක්තව සිටින දුම්කොල වියලීමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
  11. එක් තොගයකට කිලෝග්රෑම් 250 ක් හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත.
  12. සේවක සංඛ්‍යාව 05ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරී‌මේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත.
  13. සේවක සංඛ්‍යාව 05ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරීමේ/ මුහුවම් කිරීමේ කර්මාන්ත.
  14. සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදනය කිරී‌මේ හෝ සකස් කිරීමේ කර්මාන්ත.
  15. දිනකට පිටි කිලෝග්රෑම් 250ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරි සහ රස කැවිළි නිෂපාදන කර්මාන්ත.
  16. ඔනෑම අවස්ථාවක වැඩුණු පක්ෂීන් 100 හෝ ඊට වැඩි සහ 500ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපළවල්.
  17. ඔනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපළවල්.
  18. ඔනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපළවල්.
  19. වැඩණු සතුන් මුළු එකතුව 100 හෝ ඊට වැඩි සහ 500ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපළවල්.
  • මිශ්‍ර ගොවිපළවල් සඳහා අනුපාතය = පක්ෂීන් සංඛ්‍යාව + [50 * (ඌරන් සංඛ්‍යාව + ගවයින් සංඛ්‍යාව) + 10 * (එළුවන් සංඛ්‍යාව)]
  1. ගබඩා ධාරිතාවය ඝණ මීටර් 100ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන.
  2. කොන්ක්‍රීට් පෙර සවි කර්මාන්ත.
  3. යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත.
  4. දිනකට නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20ට අඩු ප්‍රමාණයක් සහිත හුණු පෝරණු.
  5. සේවක සංඛ්‍යාව 05කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින් “ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ” අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නා ඔනෑම කර්මාන්තයක්.
  6. බෙලි කටු කැබලි කිරීමේ / පතුරු කිරීමේ කර්මාන්ත.
  7. උළු සහ ගඩොල් පෝරණු.
  8. වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිත වීදුරු භාණ්ඩ නිෂාපාදනය කිරීමේ කර්මාන්ත.
  9. කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත.
  10. පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරණු ලබන ශිල්පීය කැණීමේ කටයුතු.
  11. දිනකට ඝණ මීටර් 25ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්‍රිත කර්මාන්ත
  12. දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත.
  13. බහුකාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත.
  14. සේවක සංඛ්‍යාව 05ක් හෝ ඊට වැඩි සහ 10ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 20ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා.
  15. පදිංචි සංඛ්‍යාව දිනකට 25ක් හෝ ඊට වැඩි සහ 100ට අඩු පුද්ගලයින් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්.
  16. විසිරී පින්තාරු කිරීම් හෝ වාහන වායුසමීකරණ යන්ත්‍ර අළුත්වැඩියා කිරීම් නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අළුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන ගරාජ.
  17. වාහන සේවා සිදු නොකරන බහාලුම් ( කන්ටේනර් ) පර්යන්ත.
  18. ඊයම් උණු කිරීම ඇතුලත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර.
  19. මෘත ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල්ශාලා
  20. මෙම ලේඛනයේ “ ඈ ”  කොටසේ ඇතුලත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 50ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඔනෑම ක්‍රියාකාරකමක්/ කර්මාන්තයක්.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට සැපයිය යුතු ලේඛන.

    • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
    • ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
    • අනුමත කරන ලද ඉඩමේ පිඹුරුපතේ පිටපතක්.
    • අනුමත ගොඩනැගිලි සැලස්මේ පිටපතක්.
    • ගොඩනැගිලි අනුකූලතා සහතිකය.
    • වෙළඳ බලපත්‍රය.
    • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර පත්‍රය (ලී මෝල්/ වඩු මඩු)
    • ඝන අපද්‍රව්‍ය කළමණාකරනය කිරීම හා අප ජල කළමණාකරන ක්‍රමවේදය.
    • වෙනත් ලේඛන ( මාදුගඟ, අභයභූමි කලාපයේ නම් අදාල ආයතන වල නිර්දේශ / ගිනි ආරක්ෂණ උපකරණ සවිකාරීම අදාල ලේඛන)
    • ඔබ විසින් නියමිත පරීක්ෂණ ගාස්තු ගෙවන ලද අයදුම්පත ප්‍රාදේශීය සභාවට භාර දුන් පසු පරීක්ෂණ කණ්ඩායම විසින් කර්මාන්ත පරීක්ෂා කර බලා, අනතුරුව එම වාර්ථාව පරිසර බලපත්‍ර සම්බන්ධ තාක්ෂණ කමිටුවට යොමුකර අනුමැතිය ලබා දුන් පසු, ඔබ වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ඇත.
    • බලපත්‍ර ගාස්තු අවුරුදු 03 ක් සඳහා වලංගු වන අතර නැවත ඔබ විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ වලංගු කාල සීමාව අවසන් වීමට මාස 03කට පෙරාතුව බලපත්‍රය අලුත් කිරීම සඳහා ප්‍රාදේශීය සභාව වෙත අයදුම්කල යුතුය. එසේ නොවන අයදුම්පත් සඳහා බලපත්‍ර ගාස්තුවට අමතරව පරීක්ෂණ ගාස්තුවක්ද වෙීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.