වෙළඳ බලපත්‍ර ලබා ගැනීම

වෙළඳ බලපත්‍ර ලබා ගැනීම

Trade License

නීති අධිකාරිය

1987 අංක 15 ප්‍රාදේශීය සභා පනත සහ ඒ යටතේ සාදන ලද 1952 අංක 6 පළාත් පාලන අධිකාරී පනත යටතේ නීති රීති අනුව ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යාම.

ඉදිරිපත් කළ යුතු ලේඛන.

නිවැරදිව පුරවන ලද අයදුම්පත.

බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රියාවලිය

  1. වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් ලබා ගැනීම සහ එය නිවැරදිව පුරවා එය  සභාවට භාර දීම.
  2. ඉන් පසු ආදායම් පරිපාලක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන අතර අදාළ නිර්ණායක යටතේ එම ස්ථානය ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කරයි.
  3. ඔබ අදාළ නිර්ණායක සම්පූර්ණ කර ඇත්නම්, ප්‍රාදේශීය සභාවෙන් වෙළඳ බලපත්‍රය ලබා ගත යුතුය.
  4. අදාළ වර්ෂයේ මාර්තු මස 31 වන දින වන විටත් වෙළඳ බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වූ ව්‍යාපාරික ස්ථාන සඳහා සභාව විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබේ.
  5. අදාළ වසරේ මාර්තු 31 දිනට පෙර, සතියේ දිනවල පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා අදාළ බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් පසු බලපත්‍රය ලබා ගත හැක.