1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 122(1) වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව 1988 – 08 – 23 වැනි දින අංක 520 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ IV (ආ) කොටසේ පළාත් පාලන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති සම්මත අතුරු ව්‍යවස්ථාවේ 39 ඡේදය යටතේ යම් විදියකට, පාරකට, ඇළකට, වැවකට, මුහුදකට හෝ අහසට පෙනෙන පරිදි දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරනු ලබන තැනැත්තාගෙන් පහත උප ලේඛණයේ සඳහන් අනුප්රමණ මත වූ බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලැබේ.
උප ලේඛණය
- බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන ස්ථිර
දැන්වීම් පුවරු සඳහා – වර්ග අඩියකට (වර්ෂයක් සඳහා) – රු. 150.00
- යම් තැනැත්තෙකු වීසින් උසුලාගෙන යනු ලබන හෝ වාහනයකට සවිකර ඇති ප්රචාරක දැන්වීමක් හෝ බැනරයක් සඳහා ( වර්ග අඩියකට)
- දින 01 – සති 02 දක්වා- රු.50.00
- සති 02 – මාස 01 දක්වා – රු.60.00
- මාස 01 – මාස 03 දක්වා – රු.75.00
- මාස 06 ට වැඩි අවුරුදු 01ට අඩු – රු. 100.00
- අවුරුද්දක කාලයක් සඳහා – රු. 150.00