2023 වර්ෂය සඳහා විනෝද බදු අයකිරීම

2023 වර්ෂය සඳහා විනෝද බදු අයකිරීම

1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතේ 2(1) වැනි උප වගන්තිය යටතේ ප්‍රසංග වලට ඇතුළත් වීමට අයකරනු ලබන ගාස්තුවෙන් සියයට දහයක (10%) විනෝද බද්දක් ද ප්‍රසිද්ධ සංදර්ශන ආඥා පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාර පහත දක්වා ඇති අනුප්‍රමාණ මත ප්‍රසිද්ධ සංදර්ශන මගින් බලපත්‍ර ගාස්තුවක් අයකරනු ලබයි.

1. චිත්‍රපට දර්ශන (තාවකාලික), සර්කස් සංදර්ශන, මැජික් සංදර්ශන, නාට්‍ය දර්ශන සඳහා ඒක් දිනකට බලපත්‍ර ගාස්තුව රු. 500.00
වැඩි වන සෑම දිනකටම රු. 250.00
2. සංගීත සංදර්ශන සඳහා ඒක් දිනකට රු. 1000.00